තුන්වන මාත්‍රාව සඳහා මිලදී ගන්නා එන්නත මෙන්න

Corona virus covid 19 Sri lamka
By Sithumi Sep 21, 2021 12:10 PM GMT
Sithumi

Sithumi

Report

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 

 මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවය. එම එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මඟින් ඔක්තෝබර් මස 1 වන දා වන විට ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය. 

 තුන්වන මාත්‍රාවක් සඳහා වු නිර්දේශය පසුගිය මැයි මාසයේ දී එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් සිදුකළ බව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා, ඒ අනුව ඇණවුම් කර මාස 6කට පසුව එන්නත් ලබාදිය හැකි බව ද කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, "එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් ඉල්ලීමක් කරා පසුගිය මැයි මාසයේ දී ප්‍රතිශක්තිය අඩුවීමත් එක්ක අවධානම් කලාපයට යන්න පුළුවන් පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබාදෙන්න අවශ්‍ය එන්නත් ඇණවුම් කරන්න කියලා. ඒ නිර්දේශ අනුව තිබුණු දත්ත මත අපි ලියාපදිංචි කරලා තිබුණ ෆයිසර් ආයතනය සමඟ සාකච්ඡා කරලා ඒ අය එකඟ වුණා මිලියන 14ක එන්නත් අපිට ලබාදෙන්න. 

අපේ එන්නත්කරණය කළ යුතු ජනග්‍රහණයෙන් සියයට 60ක පමණ ප්‍රමාණයක් අපිට මේකට අයිති වෙනවා. 

ද්විත්ව එන්නත ලබාදීමෙන් පසුව එන්නතේ ප්‍රතිශක්තිය අඩුවෙනවා කියලා පෙනුනොත් ඒ හැමකෙනෙකුටම අඩුපාඩුවකින් තොරව‍, කිසිම කෙනෙක් එන්නත් හිඟවෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. ඇති ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට ලංකාවට ලබාගැනීමට කටයුතු සුදානම් කරලා ඉවරයි"