තවත් ප්‍රදේශයකින් විශාල කොවිඩ් පොකුරක්
covid19
infections
godakavala
rakvaana
kottala
By Sewvandhi
ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පුද්ගලයින් 225කට සිදුකරන ලද PCR පරීක්ෂණවලින් 90 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
එම ආසාදිතයින් 90 දෙනාගෙන් 50 දෙනෙකුම රක්වාන කොට්ටල ග්‍රාම නිලදාරි වසමේ පිරිසකි.
ගංගොඩ තවාන ගම්මානයෙන් ආසාදිතයින් 34ක් සහ පහළ කොට්ටල ගම්මානයෙන් ආසාදිතයින් 16ක් වාර්තා වී තිබේ.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය. කොට්ටල ග්‍රාම නිලධාරි වසම හුදකලා තත්ත්වයට පත් කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |