covid මරණවල යළිත් සීඝ්‍ර වැඩිවීමක්
ඊයේ දිනයේ (21) මෙරටින් කොවිඩ් මරණ 92 හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 12,376ක් දක්වා ඉහළ යනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 41ක් සහ පිරිමි පුද්ගලයන් 51ක් වනවා. අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙකු සහ එක් කාන්තාවක් මෙම මරණවලට අයත්.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තාවන් 8ක් මෙම මරණ 92ට අයත් වනවා. අවුරුදු 60ට සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 71ක් වන අතර ඒ පිරිමි 39ක් සහ කාන්තාවන් 32ක් වශයෙන්.
ගත වූ දින 5ක් ඇතුලත කොරෝනා මරණ සියයට අඩුවෙන් වාර්තාවූ හතරවන දිනය අදයි. එමෙන්ම අඛණ්ඩව මරණ 100ට අඩුවෙන් වාර්තා වූ තුන්වන දිනය අදයි.
පසුගිය සෙනසුරාදා (18) මරණ 84ක් වාර්තා වූ අතර ඉරිදා දිනයේ මරණ 103ක් වාර්තා කර තිබුණා.
එමෙන්ම පසුගිය සඳුදා මරණ 93ක් වාර්තා වූ අතර ඊයේ අගහරුවාදා දිනයේ වාර්තා වූයේ මරණ 66ක් පමණයි.
අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 882ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 435,022 ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර,රුවන්ට එන්නත් ලබාදීමට තීරණය කළේ ඒ පිළිබඳ විශේෂඥ මතය විමසීමෙන් පසු ව බව රාජ්‍ය ඖෂධ නීති ගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනවිට සූදානම් බවයි. මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු සහ දෙවන මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 183,278ක්.
ඒ අනුව පුද්ගලයින් 103,698ක් පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 79,580ක් දෙවැනි මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |