අද මෙරටින් නොසිතූ ලෙස වෙනස්ම covid මරණ ගණනක් වාර්ථා වේ.සිදුව ඇති දේ මෙන්න

By Sewvandhi Sep 21, 2021 12:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,047ක්සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 234,140ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 918ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.  

එමෙන්ම, තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් ඉල්ලීමක් කරා පසුගිය මැයි මාසයේ දී ප්‍රතිශක්තිය අඩුවීමත් එක්ක අවධානම් කලාපයට යන්න පුළුවන් පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබාදෙන්න අවශ්‍ය එන්නත් ඇණවුම් කරන්න කියලා. ඒ නිර්දේශ අනුව තිබුණු දත්ත මත අපි ලියාපදිංචි කරලා තිබුණ ෆයිසර් ආයතනය සමඟ සාකච්ඡා කරලා ඒ අය එකඟ වුණා මිලියන 14ක එන්නත් අපිට ලබාදෙන්න.

අපේ එන්නත්කරණය කළ යුතු ජනග්‍රහණයෙන් සියයට 60ක පමණ ප්‍රමාණයක් අපිට මේකට අයිති වෙනවා. ද්විත්ව එන්නත ලබාදීමෙන් පසුව එන්නතේ ප්‍රතිශක්තිය අඩුවෙනවා කියලා පෙනුනොත් ඒ හැමකෙනෙකුටම අඩුපාඩුවකින් තොරව‍, කිසිම කෙනෙක් එන්නත් හිඟවෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. ඇති ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට ලංකාවට ලබාගැනීමට කටයුතු සුදානම් කරලා ඉවරයි"  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now