අද දිනයේත් වැඩිම මරණ ගණනක් - ඉතාම අවදානම් තත්ත්වයක්

covid19 infections deaths quarantine suneth agampodi
By Sewvandhi Aug 18, 2021 02:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දින (17) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 170 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6,604දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම මීට පෙර ඊයේ දිනයේ ,කොවිඩ් මරණ 171ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ පෙරේදා (16) දින තහවුරු කර ඇත.

එම මරණ 171ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6434ක් දක්වා ඉහළගොස් ඇති අතර එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

ඒ් අතර කාන්තාවන් 69 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 102 දෙනෙකුද සිටි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 134දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයන් 2ක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර,මෙරට කොවිඩ් වසංගතය නිසා මියගිය පිරිස අතරින් වැඩිම පිරිස දිළිඳු පුරවැසියන් බව රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පෙන්වා දෙනවා.ප්‍රභූන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ඇඳන් සහිත ආරක්‍ෂිත මධ්‍යස්ථාන ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමට නොහැකිව, නිවසේ රැඳී සිටීම දිළිඳු පවුල් සඳහා ඇති එකම විකල්පය වන බැවින් කොවිඩ් වලින් මරණයට පත්වන්නේ ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්නන් නොව අසරණ පුද්ගලයන් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

අද දින(18) නිකුත් කළ කොරෝනා ආසාදිත මරණ නිවේදනය පහතින්.......


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery