කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට
covid19
infections
quarantine
solated
By Sewvandhi
තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (29) දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට පුද්ගලයෙකු බවට තහවුරු කර ඇත. වයස අවුරුදු 30 - 59ත් අතර පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 10ක් කාන්තාවන්ය.
මේ අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 34ක් ඊයේ දිනයේ දී කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,077ක් දක්වා ඉහළ ගොස් තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |