නගරයක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

covid19 Australia isolated delta Sidney
By Sewvandhi Jul 23, 2021 12:31 PM GMT
Report

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කොවිඩ් -19 ව්‍යාප්තිය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සිඩ්නි නගරයේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් එරට සෞඛ්‍ය අංශ විසින් එය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියා.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 136 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම නගරයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,782 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන වහාම ක්‍රියාත්මක කළ යුතු බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now