කොවිඩ් අවදානමක් නිසා පවුල් 150ක් නිරෝධායනයට
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වූ ගොඩකවෙල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක් පසුගිය 26වැනිදා වසා දැමුණු අතර එහි සේවක සේවිකාවන් 30 දෙනෙකුට කළ PCR පරීක්ෂණවලින් 26 දෙනෙකුම ආසාදිතයින් ලෙස තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ පවුල් 150ක් නිරෝධානයට යොමු කෙරුණි. සෞඛ්‍ය අංශ චෝදනා කරන්නේ කර්මාන්තශාලාවේ පාලන අධිකාරිය සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා කටයුතු කිරීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති බවය. ගොඩකවෙල මහඡන සෞඛ්‍ය පරික්ෂක විපුල කුමාර මහතා පැවසුවේ,
"ඇඟලුම් කර්මාන්තශාලාවේ නොසැලකිලිමත්කම නිසා තමයි මෙම තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. දැනටමත් සමස්ත ආසාදිතයෝ 45ක් වගේ වාර්තාවෙලා තියෙනවා." යනුවෙනි.
මේ අතර වවුනියාව නගරයේ රැඳී සිටියදී අහඹු ලෙස තෝරාගත් 470 දෙනෙකුට කළ PCR පරීක්ෂණවලින් 16 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන තිබේ. ඉන් එක් ආසාදිතයෙක් වවුනියාව සතොස ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් ඊයේ සවස සිට එම අලෙවිසැළ තාවකාලිකව වසා දැමුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |