ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ඉහළ යාමක්

covid19 infections quarantine oxygen channa jayasumana
By Sewvandhi Jul 27, 2021 11:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වනවිට රෝහල් වල ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. චීන එන්නත් භාර ගැනීමේ අවස්ථාවට කටුනායකදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විශේෂයෙන්ම මේ තත්වය කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල දක්නට ලැබෙන බවයි ඔහු පැවසුවේ. මේ අතර, මේ වනවිට ශ්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා එක් කෝටි තිස් අට ලක්ෂයක් (138,00,000) පරිත්‍යාග සහ මිළදී ගැනීම් යටතේ ලැබී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම සයිනොෆාම් එන්නත් මේ වනවිට මාත්‍රා එක් කෝටි හත් ලක්ෂයක් (107,00,000) ක් ලැබී ඇති බවත්, ඒ අතරින් විසිහත් ලක්ෂයක්ම චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ ඒවා බව ද පැවසුවා.

ලබන අගෝස්තු මාසයේ තවත් සයිනොෆාම් එන්නත් විශාල තොගයක් මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව මෙම අගෝස්තු 31 වනවිට ශ්‍රී ලංකාවේ වාසය කරන වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දී අවසන් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now