ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක්(VIDEO)
covid19
isolated
infections
quarantine
By Sewvandhi
දැනට කොරෝනා ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට නොහැකිව නිවෙස් වලට වී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එමෙන්ම කොරෝනා ආසාදිතව ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් පමණ පෙරේදා දිනය වන විට රෝහල්ගතව සිටි බවද ඔවුන් පෙන්වා දෙයි. කලන් 149ක්ව සිට දින හතරක් ඇතුළත එම රෝගීන් සංඛ්‍යාව 330 ක් බවට පත්වූ බවද ඔවුන් පවසයි.
පවතින තත්ත්වය අනුව ඉදිරි දින කිහිපයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයට ලක්වී කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි බවද සංගමය අනතුරු අගවයි.
කෙසේ වෙතත් මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා සූදානම් කර ඇඳන් වලින් හය දහසක් පමණක් හිස් ව ඇතැයි ද සංගමය මාධ්‍ය අමතමින් කියා සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |