Covid ආසාදිතයින්ගේ භයානක වැඩි වීමක්..සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීම්..

PHI COVID19 VACCINATION INFECTION UPUL ROHANA
By Sewvandhi Dec 07, 2021 01:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මෙරටින් covid ආසාදිතයින් 526 ක් හඳුනාගත් බව ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ අතර,ජනතාව සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුගතව කටයුතු නොකරන තත්ත්වයක් තුළ ඉදිරි උත්සව සමයේ ද කොවිඩ් අවදානම ඉහළ යා හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ නිල වශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවට වඩා විශාල ප්‍රමාණයක් දෛනිකව හඳුනාගැණෙන බවය.

"කොතරම් සෞඛ්‍ය උපදෙස් දුන්නත්, කොතරම් දැඩිව අවධාරණය කළත් නැවත වරක් උද්ගතවෙමින් තියෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේ වගේම තත්ත්වයක්. ඒ නිසා මේ උත්සව සමයත් ඒ ආකාරයෙන්ම ජනතාව සමරන්න උත්සහ කරනවා කියලා පේනවා. කෙසේවෙතත් මේ වෙද්දි පෙර මඟ ලකුණු පහළ වෙලා තියෙනවා. විශාල ව්‍යවසනයකට අපි තල්ලුවෙමින් තියෙනවා කියලා. සමාජයේ බොහෝ ස්ථානවල ආසාදිතයෝ වාර්තා වෙනවා.

දෛනිකව ජනමාධ්‍ය වාර්තාකරන ආසාදිතයෝ සංඛ්‍යාවෙන් මේකේ ප්‍රතිරූපය මවා ගන්න උත්සහ කරන්න එපා. ඊට වැඩිම බිමේ පවතින තත්ත්වය අවධානම්. රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. ඒ නිසා මෙවැනි අනවශ්‍ය මහජන ඒකාරාශිවීම් එක්ක සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මේ විදියට උත්සව සමරන්න කටයුතු කළොත් අපිට උත්සව සමරන්න ලැබෙන්නේ නෑ වගේම.

2022 වසරේත් අර්ධයක් ම අපිට ගෙවන්න වෙන්නේ මේ ව්‍යවසනයත් එක්ක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයෙන් කියන එක අවධාරණය කරනවා. ඒ නිසා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තමන් විසින් ම ස්වයං නිරෝධායන නීති පනවාගෙන උත්සව සමරන්න කටයුතු කරන්න. එහෙම නැතිවුණොත් අපේ ආශ්‍රිතයින් අහිමිවෙයි. එහෙම නැති වුණොත් නිරෝධායන මධ්‍යස්ථානවල, ප්‍රතිකාර මධ්‍යස්ථානවල උත්සව සමය ගත කරන්න වෙයි කියලා අපි අවධාරණය කරනවා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW