දෙවන වතාවේ ආසාධිතයින් ගණන දරුණු ලෙස වැඩිවේ.

COVID19 VACCINATION INFECTION QUERANTINE OMICRON
By Sewvandhi Dec 01, 2021 04:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මීට පෙර හදුනා ගත් කොරෝනා ආසාදිතයන්ට අමතරව තවත් කොරෝනා ආසාදිතයන් 185 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි..

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 744 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 26ක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,372 දක්වා ඉහළ යනවා.

එමෙන්ම,ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බවට තවදුරටත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ‍්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේ, සෙසු රටවලට සාපේක්ෂව මෙරට එම වෛරසය පැමිණීම ප්‍රමාදවිය හැකි බවය.

"මේ ගැන ස්ථීර වචනයක් කියන්න බෑ. මොකද ඒ පිළිබඳ අපිට නිශ්චිත තොරතුරු නැති නිසා. නමුත් අපිටත් අනුමාන කරන්න පුළුවන් මේ වනවිට ලෝකයේ විවිධ රටවල පැතිරිලා තියෙන තත්ත්වය දිහා බලන කොට ලංකාවට කොහෙත්ම ඇවිල්ලා නැහැ කියන වචනය කාටවත් කියන්න බැහැ.

නමුත් ලංකාවට කෙලින්ම අති විශාල ජනතාවක් දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන්නේ නෑ. ඒ නිසා අනිත් අයට වඩා සමහරවිට ප්‍රමාද වෙන්න පුළුවන්. අපි විශ්ලේෂණය කරන්නේ සාම්පලයක් අරගෙන පමණයි. ඒ නියැදියට හසුවෙන තරමට මේ ප්‍රභේදය පැතිරෙන තෙක් අපිට අහුනොවෙන්න ඉඩ තියෙනවා."

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල්කිරීම සිදුකළ පමණින් එහි උපරිමයට ගොස් කටයුතු කිරීම සිදුනොකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ‍්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

"ලිහිල් කිරීමක් හරහා කොහෙත්ම අදහස් කරන්නේ නෑ උපරිමයට යෑමට අපි අනුබල දෙනවා කියා. යම් අවස්ථාවකට අපිට 50 දෙනෙකුගෙන් කළ හැකි උත්සවයක් තියෙනවා නම් අපේ සීමාව 150ක් නම් 149ක් දක්වා වැඩිකිරීම නොකළ යුතුයි. අපේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි අත්‍යාවශ්‍ය හා අවම පුද්ගලයින් සංඛ්‍යාව සහභාගී කරවාගෙන මේ කටයුත්ත කිරීමයි වැදගත් වෙන්නේ."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW