Covid ආසාදිතයින්ගේ විශාල වර්ධනයක්..යළිත් අවදානම් තත්ත්වයක්

VACCINATION ASELA GUNAWARDHANA GUILD LINES COVD19
By Sewvandhi Dec 01, 2021 12:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දිනයේ මෙරටින් පළමු වතාවෙම ආසාදිතයින්559 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

එමෙන්ම ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 396 දෙනෙකු අද (01) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 540,783ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ,දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  (30) නිකුත් කර තිබේ.

එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය.

එමෙන්ම නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙක් එකක පිරිසකට පමණි.

කෙසේ වෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බව නව මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන් වෙයි. මේ අතර එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව 250ක් ලෙස නව මාර්ගෝපදේශවල සඳහන් කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW