Covid ආසාදිතයින් තවත් ඉහලට..මහාචාර්ය චන්න ජයසුමනගෙන් අවවාදයක්..?

covid19 deaths infection vaccination Channa Jayasumana
By Sithumi Oct 10, 2021 01:50 PM GMT
Sithumi

Sithumi

Report

අද දින පළමුව හඳුනාගත් ආසාදිතයින් 560 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 526,223ක්.

කොවිඩ් ආසාදිතව සිටි 468 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 480,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"අපි පළාත් අතර සංචරණ සීමා පනවාගෙන යනවා. එසේ වුවත් ජනතාව සිද්ධස්ථානවලට ඒවගේම මළගෙවල්, මඟුල් ගෙවල්වලට තමන්ගේ පවුලේ හිතවතුන් එක්ක තියෙන උත්සවවලට ඉතාම අධික විදියට එකතුවෙලා නරක විදියට පුර්වාදර්ශයක් දෙමින් තියෙනවා. ඊයේ මම අටමස්ථානය වැඳපුදා ගන්න ගියා. විශේෂයෙන්ම දැක්කා රුවන්වැලිසෑය, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආසන්නයේ ඉතා විශාල පිරිසක් එකතුවෙලා සිටිනවා.

විශේෂයෙන්ම මේ සති දෙකකට තුනකට පෙර දවසකට 200ක් මියගිය රටක්. තාම මේ අසනීපේ සම්පූර්ණයෙන්ම නැතිවුණා කියලා හිතන්න නරකයි. අපිට කිසිම වගකීමක් දෙන්න බෑ ඉදිරියේ දී මේ වෛරස් එක වෙන්නේ නෑ කියලා. පෙන්න තියෙනවා ලෝකයේ නැවත වතාවක් අලුත් රැල්ලක් මතුවෙමින් පවතිනවා. රෝගීන් හා මරණ ප්‍රමාණය ඉහළ යමින් තියෙනවා. ඒ නිසා අවදානම පහව ගියා කියලා වැරදි අදහසක් ගන්න එපා."

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අදාළ එන්නත් මිලදී ගැනීම් සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව අනාවරණය කරන බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now