අද දින Covid ආසාදිතයින්ගේ විශාල වෙනසක්

covid19 infection vaccination
By Sithumi Sep 23, 2021 11:56 AM GMT
Sithumi

Sithumi

Report

අද දින පළමු වතාවේ covid ආසාදිතයින් 918ක් හඳුනා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ගත් රෝගීන් 16,720 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 451,742 ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර, නිවසේදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දැරියක් ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. උදරයේ අපහසුතාවයක් හේතුවෙන් ඊයේ (22) දහවල් 12ට පමණ දැරියව බලපිටිය මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර පැය කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇත.

ඇයගේ දේහය සම්බන්ධයෙන් සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියක් වන සඳමිණි නෙත්සරණි නමැති එම දැරිය හල්වතුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි දැරියකි. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරගහතොට ආදාහනාගාරයේදී සිදුකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now