අද දින සමස්ත ආසාදිතයින් හා covid මරණවල විශාල වෙනසක්

covid19 infection vaccination quarantine
By Sewvandhi Sep 22, 2021 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 443 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,321 කි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12376ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 41ක් සහ පිරිමි පුද්ගලයන් 51ක් වනවා. අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙකු සහ එක් කාන්තාවක් මෙම මරණවලට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තාවන් 8ක් මෙම මරණ 92ට අයත් වනවා. අවුරුදු 60ට සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 71ක් වන අතර ඒ පිරිමි 39ක් සහ කාන්තාවන් 32ක් වශයෙන්.

ගත වූ දින 5ක් ඇතුලත කොරෝනා මරණ සියයට අඩුවෙන් වාර්තාවූ හතරවන දිනය අදයි. එමෙන්ම අඛණ්ඩව මරණ 100ට අඩුවෙන් වාර්තා වූ තුන්වන දිනය අදයි. පසුගිය සෙනසුරාදා (18) මරණ 84ක් වාර්තා වූ අතර ඉරිදා දිනයේ මරණ 103ක් වාර්තා කර තිබුණා.

එමෙන්ම පසුගිය සඳුදා මරණ 93ක් වාර්තා වූ අතර ඊයේ අගහරුවාදා දිනයේ වාර්තා වූයේ මරණ 66ක් පමණයි.

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 882ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 435,022 ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now