අද දෙවන වතාවෙත් ආසාදිතයින් ඉහළ අගයක..වෙනස්ම Covid මරණ සංඛ්‍යාවකුත්..?
By Sithumi
අද දින දෙවන වතාවට covid ආසාදිතයින් 403ක් වාර්තා වීමත් සමඟ අද දින සමස්ත ආසාදිතයින් 1321 දක්වා ඉහළ යනවා.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 507,330ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,047ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 434,140ක් විය.
කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළගොස් තිබේ.
එම කොවිඩ් මරණ 66න් 36 දෙනෙකු කාන්තාවන් වන අතර 30දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 53 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |