වැඩිම ආසාදිතයින් ගණනක් අදත්....විස්තර...
covid19
infections
deaths
vaccination
patients
By Sithumi
අද දින මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1112 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එමෙන්ම,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,315 දෙනෙකු මීට පෙර අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 398,792ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර, තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 190ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 77 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
මේ අතර එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |