අද දිනත් ආසාදිතයින්ගේ ශීඝ්‍ර වැඩිවීමක්..4000ත් ඉක්මවයි

curfew covid19 vaccination quarantine infectons
By Sewvandhi Aug 23, 2021 02:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මීට පෙර කොරෝනා ආසාදිතයින් 3110 දෙනෙකු හඳුනාගත් අතර තවත් කොරෝනා ආසාදිතයින් 1130 දෙනෙකු හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 4353 දක්වා ගොස් තිබේ.ඒ සමග මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 394,353 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම,නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොරෝනාවෛරසය අසාදනය වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසයි. ඔහු සඳහන් කළේ, වෛද්‍යවරුන් 3 දෙනෙකු, හෙදියන් 13 දෙනෙකු, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකුකට කොරෝනාවෛරසය අසාදනය වී ඇතැයි හඳුනා ගත් බවය.

ඒ අනුව අසාදිත වෛද්‍යවරුන්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු රෝහලේ කොවිඩ් වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සෙසු අසාදිතයන් ඔහුන් පදිංචි නිවෙස්වල ම නිරෝධායනය වී ඇති බවත් අධ්‍යක්ෂකවරයා පැවසීය.

අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, මේ වන විටත් නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් සහ සේවකයන්ගේ අඩුවක් පවතින බවත් කොරෝනාවෛරසය අසාදනය වූ කාර්යමණ්ඩලය නොමැතිව දැනට සේවයේ යෙදී සිටින කාර්යමණ්ඩලයෙන් රෝහලේ කටයුතු සිදු කරගෙන යන බවත් ය.

එමෙන් ම, රෝහලේ සියලු ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී ඇති බව ද අධ්‍යක්ෂකවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now