අද දින ආසාදිතයින් 3500 සීමාව ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 1232 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් 3660ගණන කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 369,343ක් දක්වා ඉහළගොස් තිබේ.
අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 316,528ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර,කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් වෛද්‍යවරුන් ඇතුලු 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැ යි අනාවරණ වී තිබෙනවා.
අද පෙරවරුවේ නිකුත් කෙරුණු පරීක්ෂණ වාර්තා අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.
වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් සහ සුළු සේවකයන් 133ක් මෙම ආසාදිතයින් පිරිස අතර වනවා.
මීට අමතර ව ජාතික රෝහල තුල මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 600කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |