අද දිනයේත් පළමු වතාවෙම ආසාදිතයින් ඉහළ අගයක
By Sewvandhi
අද (18) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2428 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා මේ රටෙන් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 368,111දක්වා ඉහල ගොස් තිබේ.
අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 316,528ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස ආසාදිතයින් වාර්තා වීමත් සමඟම,ශ්‍රී ලංකාවේ පවතින වසංගත තත්වය මත දිනකට ඔක්සිජන් ටොන් 95ක් පමණ අවශ්‍ය වන බව වාර්තා වනවා.
කෙසේවෙතත් මේ වනවිට දේශීයව නිපදවන ඔක්සිජන් ධාරිතාවය ටොන් 78ක් පමණක් වන අතර දැනට දේශීයව නිපදවූ ඔක්සිජන් ටොන් 300ක් පමණ සංචිත පවතිනවා.
නමුත් මේ වනවිට පවතින දැඩි ඉල්ලුම මත සතියකට ඔක්සිජන් ටොන් 120ක් ගෙන්විය යුතුව ඇති බවයි වාර්තා වන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |