අංගොඩ මානසික රෝහලේ රෝගීන්‍ටත් කොරෝනා
covid19
vaccination
angoda
IDH
jnfections
By Sewvandhi
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 14 දෙනකුට කොවිඞ් 19 ආසාදනය ඇතැයි එහි ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම, කොවිඞ් ආසාදනය වීමෙන් එම රෝහලේ රෝගියකු මිය ගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
නාවලපිටිය රෝහලෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත මෙම මරණකරු මාරුකර එවා ඇත්තේ ඉකුත් 04 වැනිදා බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මින් ඉහතදී ද අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියකු මිය ගොස් ඇති අතර මියගියේ දෙවැනි කොරෝනා රෝගියා බව ද එම ආරංචි මාර්ග පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |