තවත් බයානක කොරෝනා නව ප්‍රභේදයක් පැතිර යයි..සෞඛ්‍ය අංශයන් ගෙන් අනතුරු ඇඟවීමක්..
By Aruna
නව 'කොවිඩ් 19' වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය බිය පළ කර ඇත.
එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් Eris යන නමිනි.
මෙය 'කොවිඩ් 19' ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් බවයි පැවසෙන්නේ.
මේ අතර,ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එක්සත් රාජධානියේ, Eris වයිරස ව්‍යාප්තිය ගැන තමන් ද විමසිල්ලෙන් පසුවන බවයි.