මුඛයෙන් ලබාදෙන කොරෝනා ඖෂධය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය.

Covid Sri Lanka Channa jayasumana
By Aruna Nov 05, 2021 04:47 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා ආසාදනයෙන් රෝහල්ගත වීම සහ මරණයට පත්වීමේ අවදානම අවම කරන බවට තහවුරු වී ඇති මොනුපිරවියා නමැති ඖෂධය ශ්‍රී ලංකාව විසින් ලබා ගත යුතු ද යන්න පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා තිබෙනවා.

ඔහු වෙත ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මුඛයෙන් ලබාදෙන මෙම වෛරස් නාශක ඖෂධය මගින් කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරිම සහ මරණයට පත්වීම දළ වශයෙන් සියයට 50කින් වළක්වන්නේ යැයි මර්ක් ඖෂධ සමාගම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ නිසා අදාල ඖෂධය රටවල් රැසක් විසින් නිර්දේශ කරමින් ඇණවුම් කර ඇති බවත්, අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මොනුපිරවියා ඖෂධය ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය කළමනාකරණය කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව කොරෝනා විද්වත් කමිටු මතය තමන් වෙත දන්වා එවන ලෙසයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ.

එමෙන්ම, මෙම නව ඖෂධය ලබා ගැනීමේ අවශ්‍යතාවක් පවතී නම්, ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha