යළිත් කොරෝනාවෙන් රතු එළියක්.. සංචරණ සීමා පනවන්න යයි..

Covid Corona Sri Lanka Lock down World
By Aruna Nov 05, 2021 02:00 AM GMT
Aruna

Aruna

Report

යුරෝපයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සමග නැවතත් සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවයක් සම්බන්ධයෙන් අවදානය යොමු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රකාශ කර සිටියා.

යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ සෑම රටක්ම මේ වන විට නව කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් පවතින බවත් විශේෂයෙන්ම යුරෝපයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් "දැඩි සැලකිල්ලක්" දක්වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානියා පැවසුවේ.

චීනය ඇතුළු ආසියාවේ ඇතැම් රටවල් සංචාරකයින් සඳහා සිය රටවල් විවෘත කිරිමට පියවර ගැනීමත් සමග වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම සංචරණ සීමා පැනවීම ගැන වැඩි වශයෙන් අවදානය යොමුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

එමෙන්ම එළඹෙන නත්තල් ඇතුළු උත්සව කාල සීමාවේදී ජනතාව ගෘහආශ්‍රිතව ඒකරාශීවීම් සමග වෛරස ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම තවත් වැඩි බවත් මේ හේතුවෙන් කල් තියා ඒ සඳහා කටයුතු කළ යුතු ආකාරය තීරණය කළ යුතු බවයි ලෝක සංවිධානය සඳහන් කර සිටින්නේ.

" තවත් ප්‍රමාද වෙන්න පෙර ඇතිවිය හැකි තත්ත්වය පාලනය කිරිමට පියවර ගත යුතුයි.

ඒ සඳහා දැනට පවතින ක්‍රමවේදවලට වඩා වෙනස් උපක්‍රම භාවිතා කළ යුතුයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානි Hans Kluge ප්‍රකාශ කර සිටින්නේ.

යුරෝපයේ රටවල් 53 තුල ඉකුත් සතියට සාපේක්ෂව පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 1.8ක් වන අතර එය 6% කට වර්ධනයක් පෙන්නුම් කරනවා.

එමෙන්ම මරණ වාර්තාවීම ද ඉකුත් සතියේ 12% කින් වැඩිවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

පවතින තත්ත්වය අනුව එළෙඹෙන වසරේ පෙබරවාරි මාසය වන විට යුරෝපයෙන් පමණක් තවත් කොවිඩ් මරණ ලක්ෂ 05ක් වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha