ලංකාවෙ කොවිඩ් ගැන අද ඇහෙන බය හිතෙන කතාව මෙන්න.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් ආසාදිතයන් සමාජයෙන් වාර්තා වීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය සංගමයේ සභාපති උපුල් රෝහණ ඒ බව පැවැසීය.
මාසයකට ආසන්න කාලයක් වසා දමා තිබූ රට යම් ආකාරයකට මේ වන විට විවෘත කර ඇතත් රජය දැඩි සංචරණ සීමා පනවා තිබුණි.
මහජනතාවට එය අමතක වී ඇති බව ඔහු පවසයි.
පසුගිය සති අන්තයේ විශාල පිරිසක් තමන් පදිංචි ප්‍රදේශවලින් බැහැරට ගොස් ඇත.
නැවතත් දිවයිනේ විවිධ තැන්වලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙමින් පැවැතියත් ඔවුන්ගේ විශේෂත්වය වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමයි.
කිසියම් රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නම් එවන් පුද්ගලයකු සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීමට සෙසු පිරිසට හැකි බවද උපුල් රෝහණ පැවැසීය.
එන්නත ලබාගත්තා යැයි කියමින් සමාජයේ අනාරක්ෂිතව හැසිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |