මෙරටින් තවත් කොවිඩ් රැල්ලක් ගැන රතු එළියක්..
Covid
Upul Rohana
Sri Lanka
Corona viruses
By Aruna
බිම් මට්ටමේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් නැවත වරක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදීතයින් ඒ අතර බහුලව දැකගත හැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.
මේ නිසා හැකි ඉක්මණින් සාමාන්‍ය ජනතාව අතර අහඹු PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ යුතු බවද ඔහු පවසනවා.
මේ දිනවල සාමාන්‍ය ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින තත්වයක් පෙනී යන බවත්, මෙම තත්වය තවදුරටත් පැවතියහොත් පාලනය කරගැනීම අපහසු මට්ටමේ විශාල කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවද උපුල් රෝහණ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.
අද (18) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම අදහස් පලකළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |