ලංකාවේ මීළගට එන කොවිඩ් රැල්ල ගැන අනාවැකියක්.ඉදිරි දවස් 10දි වෙන දේ මෙන්න.

Covid Sri Lanka Peradeniye university
By Aruna Oct 14, 2021 02:51 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි දවස් 10දි කොවිඩ් වෛරසයේ තත්ත්වය මෙන්න ඉදිරි දින 10 තුළ කොවිඩ් වෛසරයට ගොදුරු විය හැකි මෙන්ම මරණයට පත්විය හැකි ආසාදිතයින් සංඛ්‍යාව පිළිබදව අනාවැකි පළකරන වෙඩ් අඩවියක් පිළිබදව අපට වාර්තා විය.

AI4COVID ලෙස හඳුන්වනු ලබන මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගිනි. ඒ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ඉංජිනේරු හර්ෂණ වැලිගම්පොළ සහ උමාර් මරික්කාර් විසින් මෙය නිර්මාණය කර ඇත.

ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ජනක ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රොෂාන් ගොඩලියැද්ද, ආචාර්ය පරාක්‍රම ඒකනායක සහ මහාචාර්ය විජිත හේරත් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් මෙය නිර්මාණය කර තිබේ.

මෙම පුනරාකථන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකාවට අමතරව, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදය, ඉතාලිය, ජපානය, සහ නයිජීරියාව වැනි රටවල අතීත කොරෝනා දත්තද යොදා ගෙන ඇත.

කොවිඩ් වෛරසයේ අනාගතය මෙතනින් බලන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery