ලොව පුරා නව කොවිඩ් රැල්ලක දැඩි අවදානමක්.

Covid Sri Lanka World
By Aruna Oct 11, 2021 03:20 AM GMT
Aruna

Aruna

Report

වසංගතය තවමත් අවසන් නැහැ –

තාවකාලික විරාමයක් පමණයි පී.සී.ආර් පරීක්ෂණ නවතා දමා ඇතැම් සෞඛ්‍ය බලධාරීන් බලෙන් වසන්තය කැඳවීමට යෑම හරහා ලබන ජනවාරි මස වන විට නව කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසීය.

පී.බී.ට කොරෝනා අවසන් වුණාට සෞඛ්‍ය සේවයට කොරෝනා අවසන් නෑ එම නිසා මෙම වසංගතය තවමත් අවසන් නොමැති බවත් කොවිඩ් සඳහා තාවකාලික විරාමයක් පමණක් ලැබී ඇති බවත් හෙතෙම කීවේය.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙම තාවකාලික විරාමයේදී සියලු දෙනාම ඉතාම විධිමත්ව කටයුතු කළහොත් පමණක් නැවත රැල්ලක් පැමිණීම වැළැක්විය හැකි බවය.

එවැන්නක් බලාපොරොත්තු වේ නම් නවතා දමා ඇති පරීක්ෂණ ක්‍රියාවලිය යළි ආරම්භ කළ යුතු වන අතර මේ වන විට මෙරටට ජංගම රසායනාගාර පහක් පරිත්‍යාග ලෙස ලැබී ඇතත් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන රඳවාගෙන සිටින බවද හෙතෙම පැවසීය.

එම නිසා අඩුම තරමින් මේ මොහොතේදී හෝ දිස්ත්‍රික්ක විසිපහේ නියැදි පරීක්ෂණ කිරීමට එම ජංගම රථ යොදා ගතහොත් සැබෑම වසන්තයක් දැක බලා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now