ඔක්සිජන් මත යැපෙන රෝගීන් අධික වෙයි...වහාම ලීටර 360,000ක් ගේන්න අනුමැතිය.
Covid
Sri Lanka
Oxygen
Cabinet
By Aruna
කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අසාධ්‍ය රෝගීන් සඳහා සඳහා ඔක්සිජන් සැපයුම තහවුරු කිරීමට රජය විසින් මීට පෙර ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කර ගබඩා කිරීමට පියවර ගැනුණි.
ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් මෙම ඔක්සිජන් ලීටර ආනයනයට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
මේ අතර වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා 2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට එන්නත් ලබාදීමට සම්පූර්ණ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |