ඇඟලුම් කර්මාන්තශාලාවකින් ඩෙල්ටා පොකුරක් මතුවෙයි.

Delta Piliyandala Garment
By Aruna Jul 21, 2021 06:13 AM GMT
Report

පිලියන්දල - ජඹුරලිය - ලූල්ලවල මාර්ගයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන් 186කට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් 120කට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබෙනවා.

ඉන් අහඹු ලෙස තෝරාගත් ජෛව සාම්පල 20ක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමෙන් අනතුරුව ඉන් සාම්පල 06කට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඇතිවී ඇති බව තහවුරු වී තිබෙනවා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් 1000කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර ඉන් 85%ක් පමණ එම ප්‍රදේශයේ කුලී පදනම යටතේ නවාතැන් ගෙන සිටින අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now