ජාන විකෘති වූ කොරෝනා ප්‍රභේද මෙරටින් හමු වෙයි..ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අනතුරු අඟවයි...

Covid Colombo
By Aruna Jul 13, 2021 05:49 AM GMT
Report

කොළඹ මහ නගර සබා බල ප්‍රදේශයෙන් ලාබා ගත් අහඹු සාම්පල 25-කින් ජාන විකෘති වූ COVID-19 ප්‍රභේද පවතින බවට සැක කෙරෙන සාම්පල 14-ක් හදුනා ගෙන ඇති බව ආචාර්ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර වෙනස් නිෂ්පාදකයින්ගේ කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක ප්‍රවණතාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ජිනීවා නුවර සිට ඊයේ පැවැත් වූ ඔන්ලයින් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ එලෙස එන්නත් මිශ්‍ර කිරීමේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව ප්‍රමාණවත් දත්ත නොමැති බවයි.

මේ නිසා දත්ත හෝ සාක්ෂිවලින් තොර කලාපයක එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක විය හැකි බව ඇය සඳහන් කළා.

තායිලන්තය සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට සැරසෙන පුවතක් පිළිබඳව ඊයේ වාර්තා වුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් අදහස් දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් බව විශ්වාස කෙරෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now