වයස අවුරුදු 2 - 18 ත් අතර ළමයින් සඳහා නවතම එන්නතක් නිර්දේශ වේ

Indian Covacine vaccinae Boitec
By Sewvandhi Oct 12, 2021 10:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මගින් නිෂ්පාදනය කළ කොවැක්සීන් කොරෝනා එන්නත වයස අවුරුදු දෙකත් 18 ත් අතර ළමයින්ට ලබාදීමට ඉන්දීය රජයේ විද්වත් කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව එහි අවසන් අනුමැතිය එරට ඖෂධ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිතයි. කොවැක්සීන් ඉන්දීය ළමයින් සඳහා අනුමත කළ දෙවන කොරෝනා එන්නතයි.

මීට පෙර ඉන්දීය සයිඩස් කැඩිලා ආයතනය මගින් නිෂ්පාදිත මාත්‍රා 3 කින් යුත් ඩී.එන්.ඒ. කොරෝනා එන්නතද වයස අවුරුදු 12 න් ඉහළ ළමයින් සඳහා එන්නත් කිරීමට අනුමැතිය හිමිවුණා.

සීරම් ආයතනයේ නොවැවැක්ස් එන්නත සහ බයොලොජිකල් ඊ ආයතනයේ කෝබේවැක්ස් කොරෝනා එන්නතද ළමයින් සඳහා එන්නත් කිරීමේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාව මේ වනවිට එරට වැඩිහිටි ජනගහණයට කෝටි 96 ඉක්මවූ එන්නත් මාත්‍රා ලබාදී ඇති අතර, දැන් අවධානය යොමු කරන්නේ එරට ළමයින් එන්නත් කිරීමටයි. කෙසේ නමුත් කෝටි 130 ඉක්මවූ ඉන්දීය ජනගහණයෙන් මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලැබූ සංඛ්‍යාව කෝටි 30 ඉක්මවන්නේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now