මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ගංවතුර අවදානමක් -ජනතාවට සහ රියදුරන්ට වාරිමාර්ගෙන් හදිසි දැනුම්දීමක්

Report

  මහවැලි ගඟ ද්‍රෝණියේ පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අවදානම මතුව තිබේ

තවද එම ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ එම මාර්ග භාවිත කරන රියදුරන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.

තවද මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවට ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දැනුම් දී  ඇත

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට