බස්නාහිර පළාතේ ජල හිඟයට තිරසාර විසඳුමක් - විකල්ප භූගත හා ස්වාභාවික ජල මූලාශ්‍ර භාවිතයට නව සැලැස්මක්

By Mithu Oct 26, 2026 07:24 AM GMT
Report

බස්නාහිර පළාතේ පවතින පොදු හා පෞද්ගලික ළිං, වැව්, දියකඳුරු සහ අනෙකුත් භූගත ජල මූලාශ්‍ර කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා නව විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පවතින විකල්ප ජල මූලාශ්‍ර හඳුනාගෙන ඒවා පානීය ජල අවශ්‍යතා, ගෘහස්ථ කටයුතු, කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත සඳහා විධිමත්ව යොදාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඇමරිකාවේ USS කැන්බරා නෞකාව දෙවෙනි පාරටත් කොළඹට එයි - හේතුව මෙන්න

ඇමරිකාවේ USS කැන්බරා නෞකාව දෙවෙනි පාරටත් කොළඹට එයි - හේතුව මෙන්න

මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 53ක සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් බස්නාහිර පළාතට ජලය සපයනු ලැබුවද, ප්‍රදේශයේ දැනට පවතින ස්වාභාවික ජල මූලාශ්‍රවලින් ප්‍රමාණවත් ප්‍රයෝජනයක් නොගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙම නව වැඩපිළිවෙළ හරහා විකල්ප ජල මූලාශ්‍රවල ධාරිතාව සහ ගුණාත්මකභාවය ඇගයීමට ලක්කර සුදුසු පරිදි ප්‍රයෝජනයට ගැනීමත්, ඒ ඔස්සේ පිරිපහදු කළ ජලය වඩාත් කාර්යක්ෂමව භාවිත කරමින් බස්නාහිර පළාතේ ජල සම්පත් තිරසාරව කළමනාකරණය කිරීමටත් අපේක්ෂා කෙරේ.

ලංකාවම කැළඹෙයි - දිවයින පුරා පවතින අධික වර්ෂාව මැද ප්‍රබල අකුණු ගැනත් රතු එළි - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන්

ලංකාවම කැළඹෙයි - දිවයින පුරා පවතින අධික වර්ෂාව මැද ප්‍රබල අකුණු ගැනත් රතු එළි - අද රාත්‍රී 11.00 දක්වා ප්‍රවේශමෙන්