අලුත් ආණ්ඩුව දවසින් දවස හොඳටම වැඩ අල්ලයි..තවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුට අධිකරණයේ පෙනී සිටින්නයි නියෝග..!

Lohan Ratwatte Sri Lanka Politician Department of Prisons Sri Lanka Latest Headlines AKD
By Sewvandhi Oct 24, 2024 01:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට ලබන වසරේ ජනවාරි මස 30වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.

ඒ ඔහු එම අමාත්‍ය ධූරය දරණ කාල සීමාවේ බීමතින් අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු රැදවියෙකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවේ අද (24) නඩුව කැදවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විවෘත අධිකරණයේ අද (24) පෙනී සිටි අතර, යළි නඩුව කැදවන දිනයේ ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළා.