ගෑස් සමාගම් දෙකට විරුද්ධව නඩු

By Sewvandhi Dec 08, 2021 04:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට විරුද්ධව නඩු පැවරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය, ටෙන්ඩර් පටිපාටි සහ ආනයන ක්‍රියාවලියේදී නිසි ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් ජනතාව අනතුරුවලට ලක්වීම සහ තත්ත්වය පදනම් කරගනිමින්.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම නඩු පැවිරීම සිදුකරන පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

මීට පෙර ගෑස් සමාගම් විසින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල පරිමාව වෙනස් කරමින් ලීටර් 18 බවට පරිවර්තනය කළ අවස්ථාවේදී ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගෑස් සමාගම්වලට නඩු පැවරීමට කටයුතු කළ බවයි රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

---------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

පාර්ලිමේන්තුවට එන්න බයයි. නමුත් අවන්හලේ කෑමට බිය නොවන්න!

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW