හොරණ වෙඩිල්ලට හේතුව හෙළිවෙයි - අනියම් හුටපටයක් දුර දිග ගිහින්

Report

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ.

බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත් කිරීමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

ඒ අනුව මෙම මරණකරු මීට පෙර කපා කොටා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වන බවද පොලිසිය පවසයි. එමෙන්ම මෙම සිදුවීමට හේතුව ලෙස සලකනුවේ මියගිය පුද්ගලයා සැකකරු ගේ අනියම් බිරිඳ ඝාතනය කර ඇතැයි කියන කරුණ බව සඳහන්.

මරණකරු එම ඝාතන සිද්ධියට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට පසුගිය අගෝස්තු 21 දා ඇප ලබා පැමිණ ඇති බවත් එම ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවත් කරුණු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මරණකරු, ඊයේ (02) රාත්‍රී 10.23 ට පමණ සිය බිරිඳ සමඟ වෙළඳ සැලකට ගොස් ආපසු පා ගමනින් පැමිණෙමින් සිටියදී මඟ රැක සිටි වෙඩික්කරු බෝර 12 ගිනි අවියකින් වෙඩි තබා තිබූ බව සඳහන් මෙම වෙඩි පහරින් මරණකරු බිම වැටී ඇති අතර, පසුව බිම වැටුණු මරණකරුට තවත් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇති බවත් එහිදී ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් අනාවරණය වේ.

නිධන් හාරන්න ගිය සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් අත්අඩංගුවේ

නිධන් හාරන්න ගිය සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් අත්අඩංගුවේ

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට දැනුම් දීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබුණි. වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවිය ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

හොරණ සහකාර පොලිස් අධිකාරී බි. ඒ. ඒකනායකගේ අධීක්ෂණයෙන් හොරණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි