මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මැයි මාසේ ඉදන් වෙන්න යන දේ මෙන්න
පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කලාපවල උෂ්ණත්වය ඉහළ යාම හෙවත් එල් නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් මෙරට නිරිතදිග මෝසම් වැසි රටාව වෙනස් වීමේ සහ වර්ෂාපතනය අඩු වීමේ බරපතළ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් එළඹෙන මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට උෂ්ණත්වය ඉහළ යා හැකි අතර, දෙවන අන්තර් මෝසම් සහ ඊසානදිග මෝසම් වැසි රටාවන්ට ද මෙහි බලපෑම එල්ල වීමේ හැකියාවක් පවතින බවයි.
එමෙන්වම සර අවසානය වන විට එල් නිනෝ තත්ත්වයේ තවදුරටත් වෙනස්කම් ඇති විය හැකි වුවද, ඒ පිළිබඳ නිශ්චිත අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය අනතුරු අඟවන්නේ ලෝක ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බරපතළ ලෙස පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය බිඳ වැටෙමින් පවතින බවයි.
මෙම වාර්තාගත අසමතුලිතතාවය හේතුවෙන් පසුගිය වසරේදී සාගර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර පෘථිවියේ අයිස් තට්ටු දියවීම ද අඛණ්ඩව සිදු වෙමින් පවතී.
විශේෂයෙන්ම 2026 වසරේ අගභාගයේදී ආරම්භ වීමට නියමිත එල් නිනෝ ස්වාභාවික උණුසුම් වීමේ තත්ත්වය හමුවේ ගෝලීය උෂ්ණත්වය තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බවට ද එම ඒජන්සිය පුරෝකථනය කර තිබේ.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය ද සීමා කළ යුතු බවට දැනුම් දී තිබේ.