Lock Down ඉවත් කිරීම හා සීමා පැනවීම පිළිබඳ නවතම තීරණය
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.
ක්ෂේත්‍ර 03ක් යටතේ මම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කරනු ඇති.
අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මෙම තීරණයන්ට එළඹුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ග්‍රාමීය සංවර්ධන කමිටු සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ සහාය ලබාගත යුතු බව බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.
කොවිඩ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සියලු අංශ එක්ව කටයුතු කළයුතු බව පෙන්වා දෙමින් බැසිල් රාජපක්ෂ කියාසිටියේ 2021 දෙවන කාර්තුවේ 12.3%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වූ බවයි.
කෙසේවෙතත් රට වසා තැබීම හේතුවෙන් 3 වන කාර්තුවේ දී එය 1% දක්වා පහත වැටුණ ද 4වන කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධන වේගය 3% මට්ටමක පවත්වාගෙන යාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍ය වන බවයි. ඒ තුළින් මේ වසරේදී රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප්‍රතිශතයක් ලෙස 5%ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළා.
පාසල් විවෘත කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ නිර්දේශ සෞඛ්‍ය විශේෂඥ කමිටුව විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට එම නිර්දේශ ඝෘජුවම යොමු කරන ලෙසයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
යුනිසෙෆ් ඇතුළු ළමුන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට ළමා රෝග විශේෂඥයන් ද පෙන්වා දී ඇත්තේ පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වන තුරු සිටීම අවශ්‍ය නොවන බවයි. දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් පාසල් සහ පෙර පාසල් යළි විවෘත කළ යුතු අතර ඒ සඳහා නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කළ යුතු බවත් දෙමාපියන්ගේ කැපවීම සහ සැලකිළිමත් බව එහිදී ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.
පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේ දී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමට ද තීරණය මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමයේ වැදගත්කම ද අවධාරණය කෙරුණු අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් සංචාරක කලාප ආශ්‍රිතව නව ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
කොවිඩ් වසංගතය හමුවේ දේශීය ඖෂධ සඳහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් පවතිනවා. එබැවින් ඖෂධ අපනයනයේදී මේ වන විට තිබෙන බාධා ඉවත් කිරීම සඳහා සෘජු සැලැස්මක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු ව තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව නිවෙස් වෙත නොමිලේ බෙදාදීමට සැලසුම් කර ඇති දේශීය ප්‍රතිශක්ති වර්ධක ඇතුළත් ඖෂධ මංජුසාව ලබා දීමට සියලු සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියාසිටියේ ඒ සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවයි.
ගුවන්තොටුපොළෙන් මෙරටට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමාදයක් ඇති බවට කෙරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බව මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නා. ආරම්භ කර ඇති නව පරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් හෙට (25) ආරම්භවීමත් සමග එම කටයුතු තවත් කාර්යක්ෂම වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරෙනවා. ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරුණා.
මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර වයස අවුරුදු 12 -19 අතර සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල මහ රෝහල්වලදී අද ආරම්භ කෙරුණු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියා.
එන්නත්කරණය සඳහා සමස්ථයක් ලෙස ජනතාව තුළ දැඩි උනන්දුවක් නැවතත් දක්නට ලැබෙන අතර වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායේ තරුණ පිරිස් ද ස්ව කැමැත්තෙන්ම ඒ සඳහා යොමුව තිබීම සාධනීය තත්ත්වයක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

