සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්.. ICU ඇදන් පිරිලා..මගදී රෝගීන් මිය යයි..(VIDEO)
කොරෝනා ආසාදිතයකු නැති නිවසක් අද ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රශ්නයක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.
ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව ඉතා විශාල බවත් පැහැදිලි ඒ මහතා පැවසිය.
එය සැඟවිය යුතු තත්ත්වයක් නොවන බවත් ජනතාව එය දැන ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර කොරෝනා ආසාදිතව අසාධ්‍ය රෝගියොකු සදහා කොළඹ හෝ ඒ ආසන්නයේ රෝහලක දැඩිසත්කාර ඒකකයක් සොයාගැනීමට නොතිබූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.
ඒ වන විට ළඟම දැඩි සත්කාර ඒකක ඇදක් තිබුනේ කිලිනොච්චියේ බවත් එම රෝගියා එහි ගෙන යන විට මගදී මරණයට පත්ව තිබූ බවත් ඒ මහතා පැවසීය.
රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |