කොරෝනා අවදානමක් නිසා දුම්රිය ස්ථානයක් වහාම වසා දමයි

By Gagana Dec 07, 2021 12:50 PM GMT
Gagana

Gagana

Report

කඳාන උප දුම්රිය ස්ථානයේ සේවයේ නියතු උප දුම්රිය ස්ථානාධිපතිවරයෙක් කොවිඩ් ඇන්ටිජන් පරිෂණ ප්‍රතිඵල අනුව ආසාදිතයකු බවට තහවුරු වීම නිසා එම දුම්රිය ස්ථානය විෂබීජ හරණය කරන තෙක් වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

එම දුම්රිය ස්ථානය මගීන් සදහා විවෘත අතර, දෙපස දුම්රිය ස්ථාන මගින් ප්‍රවේපත්‍ර ලබා ගැනීමේ හැකියාව තාවකාලිකව ලබා දී ඇත.

එම දුම්රිය ස්ථානයේ සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි දුම්රිය නැවත්වීමට කටයුතු කර ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW