ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුවට

parliament COPE sri lankan air line
By Sewvandhi Jul 06, 2021 02:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද සිට දින 4ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වෙනවා. පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනිද්දා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් ද විවාදයට ගැනෙනවා. ජුලි 8 වන දා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනෙනු ඇති.

එමෙන්ම ජුලි මස 9 වන දා ශ්‍රී ලංකා මහබැංකුවේ පසුගිය වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය ද පැවැත්වෙනවා. මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

හෙට දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ අනිද්දා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද එම කමිටුව හමුවට කැඳවනු ඇති. එමෙන්ම පාර්ලිමේන්තු කාරක සභා සහ අමාත්‍යාංශයීය උපදේශ කාරක සභා කිහිපයක්ද අදින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී රැස්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha