රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, කෝප් හා කෝපා කමිටු වල නව සාමාජිකයින් නිවේදනය කෙරේ
By Sewvandhi
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවල සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (19) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.
මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා (කෝප්) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ සුදර්ශන දෙනිපිටිය නම් කර තිබෙනවා.
එසේම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර සහ වේලු කුමාර් ගේ නම් කථානායකවරයා විසින් නිවේදනය කළා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක ගොඩහේවා සහ යූ. කේ. සුමිත් උඩුකුඹුර නම් කර ඇති බවයි කථානායකවරයා නිවේදනය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |