බරපතළ සැකයක් - පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න හිටපු හමුදාපතිවත් ගෙන්වයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව එවකට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බවයි.
ඒ අනුව ප්‍රහාරය සිදු වූ කාලයේදී යුද හමුදා බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වය සහ වගකීම් බෙදීයෑම පිළිබඳ කරුණු කිහිපයක් තහවුරු කරගැනීම මෙහි අරමුණ වී ඇති බව සඳහන්.
මේ අතර මෙම විමර්ශනවලට අදාළව ඉකුත් සතියේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන්ද ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද මේ පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන්ගේ බිරිය බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇති සාරා මියගිය බව තහවුරු කිරීමට අවස්ථා 3කදී ඩීඑන්ඒ පරීක්ෂණ කිරීම බරපතළ සැකයට තුඩු දී ඇති බව වාර්තා වේ.
[