අසිරිමත් නත්තල වෙනුවෙන් විපක්ෂනායකගේ නත්තල් සුබ පැතුම් පණිවිඩය
අසිරිමත් නත්තල අද (25) දිනට යෙදී ඇත.
ඒ අනුව උදා වූ නත්තල නිමිත්තෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය සුබ පැතුම් පණිවිඩය නිකුත්කර ඇත.
විපක්ෂනායකවරයා සිය සුබ පැතුම් පණිවිඩය මඟින් පවසන්නේ ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යා යුතු බවයි.
"අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා'' ජනපතිගේ නත්තල් සුබ පැතුම
අඳාළ සුබ පැතුම් පණිවිඩය පහතින්,
''අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකය යි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතුය. ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු.''