බිහිසුණු ඛේදවාචකයක් - කොංගෝවේ පතලක් කඩා වැටී 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
By Kaushi
නැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගයින් 200කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
ඒ අනුව මෙම ප්‍රදේශය කැරලිකරුවන් විසින් පාලනය කරන ප්‍රදේශයක් වන අතර, ඔවුන් විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයකින් මේ බව තහවුරු කර ඇති බව වාර්තා වේ.
මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ කොල්ටන් ඛනිජ සපයන ප්‍රධානම පතලක් ලෙසින් සැලකෙනෙ රුබායා පතලෙයි.
එමෙන්ම ලොවට කොල්ටන් ඛනිජ අවශ්‍යතාවෙන් 15% ක් පමණ නිෂ්පාදනය කරන්නේ මෙම රුබායා පතලෙන් බව සඳහන්.
අඳාළ පතල 2024 සිට AFC/M23 නම් කැරලිකාර කණ්ඩායමේ පාලනය යටතේ පවතී.