ලෝකෙම ආදරේ දිනූ ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මව ජීවිතක්ෂයට - කෙවින්ගෙනුත් සංවේදී සටහනක්

By Kaushi Jan 31, 2026 02:15 AM GMT
Report

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ “Home Alone”, “Beetlejuice” සහ “Schitt’s Creek” වැනි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත් දිනාගත් සම්මානනීය රංගන ශිල්පිනී කැතරින් ඕ'හාරා (Catherine O’Hara) ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව ඇය මියයන විට 71 වැනි වියෙහි පසුව ඇත.

ඇය නියෝජනය කළ CAA ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව, ඇය ඊයේ (30) දින ලොස් ඇන්ජලීස් හි පිහිටි ඇයගේ නිවසේදී මියගොස් ඇත්තේ කෙටි කලක් රෝගාතුරව සිටීමෙන් අනතුරුව බව සඳහන්.

එමෙන්ම කැනඩාවේ උපත ලැබූ ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ ‘Second City’ හාස්‍ය කණ්ඩායම ඔස්සේයි.

අනතුරුව සිනමාවට පිවිසි ඇය සිනමා ඉතිහාසයේ අමතක නොවන මව් චරිත දෙකක් ජීවමාන කර ඇත.

උපන්දිනයට අරුතක් එක්කරන ඔහු රංගනයෙන් වික්‍රමපාන ජනිත් වික්‍රමගේ

උපන්දිනයට අරුතක් එක්කරන ඔහු රංගනයෙන් වික්‍රමපාන ජනිත් වික්‍රමගේ

ඒ අනුව 1988 වසරේ තිරගත වූ “Beetlejuice” චිත්‍රපටයේ ඩීලියා ඩීට්ස් (Delia Deetz) ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කළ ඇය, 2024 වසරේ නිකුත් වූ එහි දෙවන කොටස වන “Beetlejuice Beetlejuice” හි ද එම චරිතයටම පණ පොවා ඇත.

එහෙත් ඇය වඩාත් කතාබහට ලක්වූයේ 1990 වසරේ තිරගත වූ “Home Alone” චිත්‍රපටයේ මැකෝලි කල්කින් (Macaulay Culkin)ගේ මව නොහොත් කෙවින්ගේ මව ලෙස කළ රංගනයෙන්.

එමෙන්ම මීට වසර දෙකකට පෙර මැකෝලි කල්කින්ට හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් (Walk of Fame) තරුව හිමි වූ අවස්ථාවට ද කැතරින් එක්ව සිටියා.

එහිදී ඇය සඳහන් කළේ, “එක් වරක් නොව දෙවරක්ම ඔයාව ගෙදර තනියම දාලා ගිය ඔයාගේ බොරු අම්මාව මේ අවස්ථාවට එක් කරගත්තාට ස්තූතියි,” යනුවෙන්.

මේ අතර ඇයගේ වියෝව වෙනුවෙන් මැකෝලි කල්කින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් ලෙස “අම්මේ, මම හිතුවේ අපිට තව කාලය තියෙයි කියලා.මට ඕන වුණා ඔයාගේ ළඟින් වාඩි වෙලා තව හුඟක් දේවල් කතා කරන්න. මම ඔයාට ආදරෙයි,” යනුවෙන් සඳහන් කර තිබුණා.

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

එමෙන්ම “Home Alone” චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් ප්‍රකාශ කළේ ඇයගේ වියෝවෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බවයි. ඔහු සඳහන් කළේ “බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි, එම චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් 50%ක්ම රඳා පැවතුණේ කැතරින් මත බව. ඇය නොමැතිව එම චිත්‍රපටය සාර්ථක නොවනු ඇති,” යනුවෙන්.

එසේම මෑත කාලීනව ඇය “Schitt’s Creek” හි මොයිරා රෝස් (Moira Rose) ලෙස කළ රංගනය සඳහා එමී සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

තාත්තාම පොඩි කෙල්ලට කරපු අපරාදේ - කැත්තකින් කොටලා මරන්න තරම් තිබ්බ හේතුව මෙන්න

තාත්තාම පොඩි කෙල්ලට කරපු අපරාදේ - කැත්තකින් කොටලා මරන්න තරම් තිබ්බ හේතුව මෙන්න