විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළි ආරම්භ කිරිම සම්බන්ධයෙන් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගත් තීරණය..

Sri Lanka
By krishani Apr 12, 2023 03:07 AM GMT
krishani

krishani

Report

විශ්වවිද්‍යාලවල දේශන කටයුතු ලබන 17 වැනි දා සිට යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ ඇත.

ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

පසුගිය මාර්තු 9 වැනි දා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පල කරමින් ය.

කෙසේවෙතත්, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සභභාගිවීමට එම සාකච්ඡාවේ දී එකඟතාවකට පැමිණ නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha