කොන්ඩම් ගැනත් මෙරටින් ගත්ත අලුත්ම තීරණය මොකක්ද කියලා දන්නවා ද?..

Parliament of Sri Lanka Sri Lanka Parliament Nalin Bandara Jayamaha Sri Lanka Politician Economy of Sri Lanka
By krishani Dec 12, 2023 01:50 PM GMT
krishani

krishani

Report

කොන්ඩම් සඳහා වැට් බද්දක් පැනවීම එක් පැත්තකින් ‍යහපත් විය හැකි බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ ය.

කොන්ඩම් ගැනත් මෙරටින් ගත්ත අලුත්ම තීරණය මොකක්ද කියලා දන්නවා ද?.. | Condoms

ආයෝජන ප්‍රවර්ධන හා තාක්ෂණ වැය ශීර්ෂය යටතේ අද (12) පාර්ලිමේන්තුවේ විවාදයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

ඒ (ගගන) වැට් වදින භාණ්ඩ පිළිබඳව අදහස් දක්වමින් ය. 

ඉන් ජනගහනය වර්ධනය වීම හරහා මිනිස් සම්පත වර්ධනය වී ඉදිරි අනාගතයේ දී රට දියුණු කළ හැකි බව ඒ මහතා කියා සිටියේ ය.

කොන්ඩම් ගැනත් මෙරටින් ගත්ත අලුත්ම තීරණය මොකක්ද කියලා දන්නවා ද?.. | Condoms

වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,

''මොකද මේ අපේ රටේ ජනගහනයේ වර්ධනයේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. බාධාවක් තියෙනවානේ..

දැන් අර මොකක්ද බෙහෙත් වට්ටෝරුවක් නොවන ඖෂධමය දේවල් ගද්දි, වැට් එක වදිනවා. දැන් බෙහෙත් වට්ටෝරුවක් ඕන නැහැනේ පෙනඩෝල් එකට.

එතකොට පෙනඩෝල්වලට වැට් එක වදිනවා. ඒ වගේම වදිනවා කොන්ඩම් එකටත් වැට් එක. ඉතින් කොන්ඩම් පාවිච්චිය අඩු වීම එක පැත්තකින් හොඳ වෙන්න පුලුවන්.

මොකද අඩුම ගානේ ජනගහනයවත් වර්ධන වෙයි. ඒ නිසා වැට් එක ගහලා තියෙන්නේ එක දෙයක් විතරයි හොඳ. ඇත්තටම කොන්ඩම් එකට වැට් එක ගහපු එක හොඳයි.

අනිත් ඒවගේ සේරගේම ජනතාවට කෙලවෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ජනතාවගේ ජනගහනයේ වර්ධනය වීම හරහා අඩුම ගානේ අපේ රටේ මිනිස් සම්පතවත් වැඩි වෙලා ඉදිරි අනාගතයේදී හරි රට දියුණු කරන්න පුළුවන්. ඒ හින්දා කොන්ඩම් එකට වැට් එක ගැහීම සම්බන්ධව මගේ ස්තූතිය පල කරනවා.." යනුවෙන් ය.

ජනපති විසින් දේශපාලන ප්‍රබලයෙක්ට නව තනතුරක් ලබා දෙයි..

ජනපති විසින් දේශපාලන ප්‍රබලයෙක්ට නව තනතුරක් ලබා දෙයි..


ReeCha